.

.

Saturday, February 8, 2014

Widgets

JAVA Programming හැදින්වීම.............

             ආයුබොවන් කියලා මම මුලින්ම Java Programming එකට ආපු යාලුවන් පිලිගන්නවා. මම රහල් , අපේ චමොද් ලොක්කාගේ ඉල්ලිමට අනුව මම මේ  blogger  එකේ JAVA  ලියන වැඩේ බාරගත්තා. කොහොම උනත් හාහාපුරා ජාවා Programming කරන්න කලින් මොකක්ද මේ Java කියන්නෙ , ඇයි මේ Language එක ප්‍රසිද්ධ කියලා දැනගමු.
             මම හිතන්නේ ඔයාලා ඔක්කොම මොකද programming language එකක් කියන්නෙ කියලා දන්නවා ඇති. දැන් අපි බලමු මේ ලෝකයේම ප්‍රසිද්ධ උන Java language එකේ විස්තර......
            1991 දී James Gosling කියන පුද්ගලයා Programming language එකක් හදනවා. මෙයා ඕක හදනකොට  විවේකයක් ගන්න එලිය බලන හැම වෙලාවකම එයාට පෙනුනේ ලොකු ඕක්(Oak)  ගහක්. ඉතින් මෙයා  මේ language එකට නම දෙනවා Oak කියලා. පස්සේ මෙයා මේ language එක සම්මත කරගන්න යනකොට දැන්නගන්නවා Oak කියලා දැනටම language එකක් Register කරගෙන කියලා. dial එකට මාර upset. දුකට ලග කඩෙට ගිහින් කොපි එකක් බොනකොට තේරෙන්නවා මේක තමා තමුන් බීපු රහම කෝපි එක කියලා. ලගම ඉන්න වෙටර්ට කතා කරලා අහන්නවා, "මල්ලී, මොනද මේ කොපි වර්ගය?". "සර්!මේ Java දූපතෙන් ගෙනාපු කෝපි ඇට" කියලා වෙටර් කරයා උත්තර දෙන්නකොට Jamesට නියම නමක් සෙට් වෙනවා තමා හදපු language එකට. ඉතින් මේ Programming language එක Java විදියට 1995 දී නිකුත්වෙනවා. අන්න එහෙම තමා මේ language එකට නම ලැබුනේ.අන්තිමටම මේකේ Symbol එක විදියට James ඉදිරිපත් කරන්නේ දූම් දමමින් තියෙන්න කොපි කොප්පයක්.අද වන විට Java අයිතිකරුවන් ලෙස කටයුතු කරන්නේ Oracle සමාගමයි.




හරි, ඒත් ඇයි මේක මෙච්චර ප්‍රසිද්ධ ? 
මෙහෙමයි! අපි උදාහරණයකට ගත්තොත් සමහර language හරි යන්නේ එක් Operating System එකකට පමනයි.හරියට C# වගේ, C# වලින් හදන්නේ Windows applications විතරයි. නමුත් Java language එකෙන් අපි හදන ඕනම Software එකක් ඕනම Operating System එකක වැඩ. අන්න ඒ නිසා තමා Java language එක මෙච්චර ප්‍රසිද්ධ..

හරි දැන් අපි වැඩේට බහිමු.... ඒත් ආවට ගියාට Java programming කරන්න බෑ. එකට පොඩි software එකක් install කරගන්න ඕනේ. සමහර විට දැනටමත් ඒක ඔයගේ PC එකේ install  වෙලා ඇති.
C : \ Program Files \ Java \ jdk1.x.0
කියලා Folder එකක් තියෙන්නවා නම් මේ පහලින් තියෙන්න software එක Download කරන්න ඕනේ නෑ..(මෙකේ jdk.1.x.0 -  x කියන්නේ 6,7..) එහෙම නැත්නම් පහල link එකට ගිහින් Download කරගන්න.

                                   Java - jdk1.7.1


අපි මුලින්ම Java කරන්න යන්නේ Notepad වලින්.. ඒවා compile කරන්නේ Command Prompt එකෙන්.. එක නිසා දැනට IDE software  එකක් ඕනේ වෙන්නේ නෑ. නමුත් කැමැතිනම්  Download කරගන්න, පහල ලින්ක් එක click කොරන්න.මේක NetBeans IDE එක. ඉදිරියෙදි ඔයලාට වැඩි විස්තර දැනගන්න පුලුවන්.

                               NetBeans Download


දැන් ඔන්න Java වලින් software එකක් හදන්න ඔයගේ PC එක ලැස්තියි.එහෙනම් මම යන්නවා.. ඊලග දවසේ ලැස්තිපිට ඉන්න මුල්ම ජාවා ප්‍රෝගැම් එක හදන්න. අහා ඒ වගෙම ඔයලගේ ideas වගේම complains අපිට comment කරන්න අමතක කරන්න එපා...
ජයවේවා!..

No comments:

Post a Comment