.

.

Thursday, April 3, 2014

Widgets

JAVA ගැඹුරට - 2 (Data Types)

Computer Languages එකක් වන Java වල දත්ත තබා ගන්නා ආකාරය තමයි Data type කියලා කියන්නේ. Variable එකක් declare කරනවිට data type එකක් භාවිතා කරනවා. අපි දැන් බලමු ඒ data type මොනවද කියලා..

Java වල Data type ආකාර දෙකක් තිෙයනවා
                        1. Primitive data type 
                        2. Reference data type / Non-Primitive data type
                                   2.1. Objects
                                   2.2. Arrays

Primitive Data Type
       
        Java යන පරිගණක භාෂාව තුලදී අප දත්ත තබා ගන්නා එක් ආකාරයක් තමයි මේ primitive data type කියන්නේ. අපිට මෙම primitive data type ආකාර 3 කට බෙදන්න පුලුවන්....





1. Logical –Boolean(තාර්කික දත්ත)

අප java  භාෂාව තුල Logical නිරූපනය කියන්නේ Boolean යන data type එක මගිනි. මෙම Boolean යන data type එක තුල ගබඩා කර හැකි දත්ත දෙකක් පමනයි. ඒවා True (සත්‍යය), හෝ False(අසත්‍යය) වේ.
              eg :
                   Boolean St = true ;
                   Boolean Cs = 85 > 100  ; // ---> false


2. Characters – char (අක්ෂරාත්මක දත්ත)

මෙම char යන දත්ත ගබඩා කිරීෙම් වර්ගය සදහා අප එක වරකදී ගන්නා එක variable එකට ගබඩා කර හැක්කේ එක් අක්ෂරයක් පමනී. මෙම දත්ත වර්ගය සදහා දත්ත ගබඩා කිරීෙම්දී එම දත්තය char වර්ගෙය් Data එකක් යන්න සදහන් කිරීමට අක්ෂරය දෙපසින් single Quotes ( ' ) දෙකක් භාවිතා කරයි.
         eg :
                   char Name = ' N ' ;
                   char Letter = ' 5 ' ;


3. Numbers 
Number අපි data types විදියට පාවිචිච් කරන්නේ අපිට ඒ variables යොදාගෙන ගණිත කර්ම ( + , - , * , / ) කරන්න අවශ්‍ය උනාම විතරයි...

        3.1. Integers
මෙම integer data type එක අපි භාවිතා කරන්නේ පුර්ණ සංඛ්‍යා නිරුපණය කිරිමටයි. මෙයද තවත් datatypes කිහිපයකින් සමන්විත වේ.
1. Byte
2. Short
3. Int
4. Long

මේවා අතර ඇසට පෙනෙන වෙනස්කම් නම් නෑ.. නමුත් මේවා අතර ප්‍රධාන වෙනස තමා ඒවායේ Range එක. පහල තියෙන වගුව බලන්නකෝ එතකොට තේරේවි..


අපි බලමු 17 අගය තියෙන variable  ලියන්නේ කොහොමද කියලා
                byte A = 17;
                short B = 17;
                int C = 17;
                long D = 17L;(long වලදි අනිවාර්‍යයෙන්ම අගයට පස්සේ "L" දැම්ය යුතුවේ..)

        3.2. Real Numbers (Floating points)
Integer අපි යොදා ගත්තේ පුර්ණ සංඛ්‍යා නිරුපණය කරන්නේ.. එතකොට කොහොමද දශම සංඛ්‍යා පාවිචිච් කරන්නේ? අන්න එකට තමා මේ Floating point data types යොදා ගන්නේ... මෙකෙත් Double හා Float කියලා කොටස් 2 තියෙනවා..


අපි බලමු 5.689 අගය තියෙන variable  ලියන්නේ කොහොමද කියලා
                double A = 5.689;
                float A = 5.689F;(Float වලදි අනිවාර්‍යයෙන්ම අගයට පස්සේ "F" දැම්ය යුතුවේ..)



Non-Primitive Data Type

Non-primitive data types කියන එවා programming Language වල අර්ථ දක්වා නැති අතර මෙවා හදන්නේ programmer විසින්.. මෙවා "reference variables" / "object references" ලෙසද හදුන්වයි. Non-primitive data types කොටස් 2 යි.
1. Object( String )
2. Arrays

String 

මෙය Java Programming වලදි වැඩි වශයෙන් භාවිතා කරන Data Type එකක්. String , Java වල Object ගණයට වැටෙනවා. Characters කිහිපයක් එක් ව්මෙන් තමා  String එකක් හැදෙන්නේ.. String එකක ඕනම Value එකක් ඇතුල් කරන්න පුලුවන්. එවා Double Quotes ඇතුලේ (" ") ලියනු ලැබේ..

eg :
                       String a = "Hello" ;
                       String b = "1+2 = 3" ; 
                       String c = "@#$%^" ;

Array

අපිට සිසුන් 10 ක ලකුනු එකතු කරගන්න වෙනවා හිතමු... එතකොට අපිට කරන්න වෙන්නේ 

int s1 = 10;
int s2 = 20;
int s3 = 30;
int s4 = 40;
        :
        :
int s10 = 100; 


 විදියට Variables 10 හදන්න වෙනවා.. මේක අපිට කරදරයක් වගේම Computer එකේ Memory එක වැඩිපුර පාවිච්චි වෙනවා.. මේවගෙ ඒවාට විසදුමක් වශයෙන් තමා Programming වල Array පාවිච්චි කරන්නේ.. Array එකක එකම Data type අඩංගු values තැම්පත් කරන්නේ..Array එකක index(values) ගණනය කරන්නේ 0 සිටයි. Array එකක length එක කියන්නේ එකේ තියන data values ගණනයි. ඒ අනුව Array  ක්‍රම 2 ලියන්න පුලුවන්..
1.  Array Construction
2.  Anonymous Array Initialization

  Array Construction

මේ ක්‍රමයේදි array එකේ length එක අපි විසින් Computer එකට ලබාදෙනවා. ඉහත උදාහරණයේ අගයන් 10 තියෙන්නවා.. එහෙනම් අපිට අවශ්‍ය values 10 තියෙන්න Array එකක්

int [] St= new int[10];
St[0] = 10;
St[1] = 20;
St[2] = 30;
St[3] = 40;
St[4] = 50;
St[5] = 60;
St[6] = 70;
St[7] = 80;
St[8] = 90;
St[9] = 100;


 Anonymous Array Initialization

මෙය බහුලව භවිත කරන ක්‍රමයක්.මේ ක්‍රමයේදි array එකේ length එක අපි ලබා දෙන්නේ නැහැ. එය Computer automatically ලබා ගන්නවා..හැම value එකක්ම කොමා (,) එකකින් වෙන්කරනවා. එවිට ඉහත උදාහරණය මෙලෙස ලියන්න පුලුවන්...

int[] St = {10,20,30,40,50,60,70,80,90,100};


No comments:

Post a Comment