.

.

Saturday, February 22, 2014

Widgets

Java ප්‍රොග්‍රැම් - 3

කොහොමද කට්ටියට! අද අපි බලමු කොහොමද අපිට අවශ්‍ය data එකක් CMD  එකෙන් input කරලා, output එකක් ගන්නේ කොහොමද කියලා..
ගිය පාර කරපු ""Java ප්‍රොග්‍රැම් - 2" එක කට්ටියට මතකනම් මේකේ පොඩි දෙයක් ඉගෙන ගන්න තියෙන්නේ.. හොදයි! එහෙනම් බහිමු වැඩේට...

මෙන්න තියෙන්නවා Code එක.. අලුත් දේවල් ටිකක් තියෙන්නවා, එවා මේ කොටසේ අන්තිමටම ඉගෙනගමු...



හරි! ඊලගට මේක save කරලා run කරමු. අවශ්‍ය පියවර ටික පහල රූප වල තියෙනවා..


දැන් ඔයාට මේවගේ එකක් ලැබෙයි.. errors මොනා හරි Display වෙනවා නම් අපිට කියන්න...


Enter Your Maths marks කියලා කියන තැන Cursor එකක් තියෙන්නවා ඔයලාට පේනවා ඇතිනේ. අන්න එතන මොනා හරි අගයක් input කරන්න.(අකුරු එහෙම ගහන්න යන්න එපා :) ) ඊට පස්සේ Enter click කරන්න. එවගේ Enter Your Science marks  කියන තැනටත් අගයක් දීලා, Enter කරන්න.


දැන් මේවගේ output එකක් ඔයාට ලැබෙයි.



මේක තමා අද දවසට මම කියලා දෙන Java program එක.. හරි දැන් අපි මේ code එකේ අලුත් වචන ගැන ඉගෙන ගනිමු..
පහල තියෙන්නවා කලින් code එකම කොටස් වලට වෙන්කරලා...අපි කොටසින් කොටස බලමු..




3. - Java වල Data Types කියලා දෙයක් තියෙනවා.("Java ගඹුරට - 2"න් වැඩි විස්තර දැනගන්න පුලුවන්..) ; මෙතනදි int කියන්නේ integer කියන්න එකයි. ඒ කියන්නේ integer ලෙස අපිට ගන්න පුලුවන් වෙන්නේ පුර්ණ සංඛ්‍යා විතරයි..
                                         (උදා: 1,2,100,1435,...) 

4. - integer වගේම තමා float කියන්නෙත්.. වෙනසකට තියෙන්නේ අපිට පුලුවන් float එකෙදි දශම සංඛ්‍යා ඇතුල් කරන්න.(උදා: 1.232 , 456.33).... ඇයි මම මේ program එකේ average කියන veritable එකට float දැම්මේ? හරි! අපි මෙහෙම හිතමු, අපිට average එකට ලැබෙන්නේ 67.92 ක අගයක් කියලා.. අපි integer  පාවිච්චි කලානම් අපිට ලැබෙන්නේ 67 කියලා විතරයි ; අන්න ඒ නිසා තමා float මම මෙතනදි පාවිච්චි කලේ...

7. -  සාම්‍යනයෙන් "sc.next.line()" කියන command එකෙන් අපි program එකට ගන්නේ String data හැටියටයි. String කියන්නේ අකුරු,ඉලක්කම් වගේ එවා...යම් ගණිත කර්ම ( + , - , x , / ) වැනි දේවල් සදහා මේ String data type එක යොදා ගන්නේ නැහැ.  
ඉතින් අපිට ඔය input data එක integer එකක් විදියට ඕනා නිසා අපි එක int value එකකට Convert කරනවා.ඒක තමා මෙතනදි අපි කරලා තියෙන්නේ.. 
උදා:- Integer.parseInt("(String Value)")

5. - "Enter Your Maths Marks : "කියලා පේලියක් තිබ්බ තැනට අපි අගයක් දැම්මානේ..  අන්න ඒ අගය program එකට ගන්න කියන්න එක තමා මේ කොටසින් කියන්නේ..

2. - එහෙම input කරන අගය කොහොමද අපි program එකට ගන්නේ? අන්න එකට තමා Scanner එකක් අපි මෙතනදි පවිච්චි කරන්නේ. Scanner එක program එකට ඇතුල් කරන්න ලියපු code එක තමා ඔය තියෙන්නේ..

1. - ඒ වුනාට Java language එකේ Scanner එක තියෙන්නේ util කියන package එකක් ඇතුලේ. Program එකට තනිවම ඒ තියන තැනටම ගිහින් scanner කියන එක හොයා ගන්න බෑ.. අන්න එක නිසා තමයි අපි code එකේ උඩින්ම import කියලා ලියලා යන්න ඕන path එක වගේ එක set කරන්නේ...

6. - System.out.println කියන්නේ අපි මොනා හරි දෙයක් CMD එකේ display කරන්නනේ පාවිච්චි කලේ..එතකොට "Total is " කියන්න එකනේ CMD එකේ අපිට පෙන්නනේ.. එහෙනම් මොකද්ද මේ "+" එකෙන් පස්සේ තියන කොටසේ තේරුම.. මතකද අපි variable එකක් හැදුවා Total කියලා. අපි යම් අගයක් maths වලට හා science වලට input කලාම ප්‍රොග්‍රම් එකෙන් ඒ අගයන් 2 එකතු කරලා ඒ එන අගය Total එකේ save වෙනවා. අන්න ඒ අගය "Total is"කියන තැනින් පස්සේ පෙන්නන්න කියලා කියන එක තමා මේ කොටසින් කියන්නේ.. 

මම හිතනවා ඔයාලාට මේ program එක යම් කිසි මට්ටමකට තේරුනා කියලා.. එහෙම නැත්තම් හරි මොනා හරි ගැටලුවක් තියෙනවා නම් අපිට comment දාන්න. අපි ලැස්තියි ඕනම උදව්වක් මේ සම්බන්ධයෙන් කරන්න..  
එහෙනම් මම ගියා.. ඊලග දවසේ  අපි  data types ගැන ඉගෙන ගනිමු.. 
ජයවේවා...


No comments:

Post a Comment