.

.

Sunday, February 9, 2014

Widgets

Java ප්‍රොග්‍රැම් - 1

ජාවා ප්‍රොග්‍රැම් - 1

කොහොමද කටිටිය ? මම හිතනවා කලින් Post එක කියවලා දැන් Ready පිට ඇති කියලා.. හරි එහෙමනම් වැඩේට බහිමු..
අද මම පෙන්නන්න යන්නේ කොහොමද Text එකක් Command Prompt එකේ display කරන්නේ කියලා.. පොඩි වැඩක් තියෙන්නේ....

    1.  මුලින්ම පහල තියෙන Code එක බලන්න.



හරි! දැන් කටිටිය බලනවා ඇති මොනාද මේ Public, Static,void,String,main... කියන්නේ කියලා. ඒවා ගැන දැනගන්න "Java ගැඹුරට" Post එකෙන් බලන්න මෙතන Click කරන්න...
මෙකේ වැදගත් points ටිකක් තියෙන්නවා.විශේෂයෙන් මතක තියගන්න මේවා ටික.
නැත්නම් Compile කරන්න යනකොට Errors මතුවෙයි....

1. public සඳහා p simple  විය යුතුයි.
2. class සඳහා c simple  විය යුතුයි.
3. static සඳහා s simple  විය යුතුයි.
4. void සඳහා v simple  විය යුතුයි.
5. main සඳහා m simple  විය යුතුයි.
6. String සඳහා s Capital  විය යුතුයි.
7. System සඳහා s Capital  විය යුතුයි.

තවත් විශේෂ කරුණක් තියෙන්නවා. ඒ තමා Class එකේ නම හා Save කරන්න ඕනේ නම.... Class එකෙ නම අනිවා මෙන්න මේ Characters වලින් පටන් ගන්න ඕනේ..
1. A- Z Letters වලින් (Capital letters නම් ගොඩක් හොදයි.)
2. "_"
Note :
1. Class වල නමට Space තියන්න බෑ.
eg: My App 1 කියලා නම් කරන්න බැ. ඒක My_App_1 ලෙස නම් කල යුතුයි.
2. Numbers වලින් නම පටන් ගන්න බෑ.

 අනිත් කරනේ තමා Save කරන්න ඕනේ නම. උඩ තියෙන Code එක බලන්න. Class එකේ නම App1... අන්න ඒ නමින් තමා ඔයා file එක Save කරන්න ඕනා.කරන්න ඕනේ ව්දිය පහලින් තියෙන්නවා.


හරි! දැන් අපිට  60% ක වැඩ ඉවරයි..ඉතිරි වෙලා තියෙන්නේ Compile කරන්න විතරයි. එක කොහොමද කරන්නේ?
මුලින්ම Command prompt එක open කරන්න.

start --> All Programs --> Accessories --> Command prompt

 දැන් CMD screen එක ලැබෙන්නවා.


දැන් ඔයා Command prompt එකෙන් අර Java file එක Save කරපු තැනට යන්න. (මම Java file එක Save කලේ D:\ Rahal-java folder එක ඇතුලේ..) යන විදිය දන්නේ නැත්නම් මෙතන Click කරන්න.

හරි එතනට ගියාට පස්සේ  මේ පියවරවල් ටික අනුගමනය කරන්න..
                                                       
                                                       

(ඔයලාට error එකක් එන්නවා නම් 'javac' is not recognized... කියලා මෙතන Click කරන්න)

ඊටපස්සේ මේ විදියට කොටන්න.


දැන් Output එක විදියට Hello World එක ලැබෙන්නවා.මොනා හරි errors තියෙනවා නම් මෙතන Click කරන්න.


මෙකේදි අපි Notepad එකේ ලිව්ව එක තමා program එක. හරි දැන් කවුරු හරි අහයි "අයියෝ මේවා program ද?" කියලා. අපෝ මේවා program නෙමෙයි. නමුත් මෙකෙන් ඔයගොල්ලන්ට යම්කිසි දෙයක් ඉගෙන් ගන්න පුලුවන් උනා කියලා මම හිතනවා.. විශේෂයෙන් Notepad එකෙන් ගහද්දි වරදින තැන් ගැන පරිස්සම් වෙන්න.. මේ පොඩි Program එක කරන විදිය මතක තියාගන්න.. මොකද මෙක තමා ලොකු Application හදන්න ඔන වෙන්න මුල්ම පියවර... ලොකු ලොකු Application හදන්න යන්නකොට මෙවාගේ පොඩි පොඩි දේවල් ඕන වෙන්නවා. හරියට චිත්‍ර කරන්න පටන්ගන්නකොට "වකදෙක" කියලා දෙයක් උගන්නන්නේ. අන්න ඒවගේ තමා මේක...

හරි එහෙමනම් මම ගියා... තව අලුත් Java Program එකක් හදන්න ඕන විදිය අනිත් දවසේ කියලා දෙන්නම්.. මතක ඇතිව Comment එකක් දාලා යන්න....
ජයවේවා!..

No comments:

Post a Comment