.

.

Sunday, February 9, 2014

Widgets

Java ගැඹුරට


දැන් අපි බලමු මොනද මේ Greek words කියලා..

මම හිතන විදියට ඔයාලා දැනට දන්න එකම දේ App1 එක විතරයි. එක class එකෙ නම නේ.අපි අනිත් එවත් දැන් ඉගෙන්න ගමු.



Object  -
                 ඉහත උදාහරනයේ තිබ්බෙ නැති උනාට මේක ගොඩක් important.අපි ගමු බයිසිකලයක්, එක රෝද 2, හැඩල් එකයි, seat.... වගේ දේවල් වලින්නේ බයිසිකලය  හැදිලා තියෙන්නේ.අන්න එවගේ කෑල්ලකට අපි කියන්නවා object එකක් කියලා. ජාවා වලදි අපි අලුතෙන් Frame,button,panels වගේ එකතු කරන්න කොට මේ  Object එක ගොඩක් ඕන වෙන්නවා.              

Class  -  
                 class එකක් කියන්නේ Object ගොඩක එකතුවක්. හරියට කලින් උදාහරණය ගත්තොත් class එක කියන්නේ බයිසිකලය වගේ. අපිට ඒ බයිසිකලය  බලාගෙන තව බයිසිකල් හදන්න පුලුවන් නේ,අන්න එහෙමම අපිට class එකක් තව class එකක් හරහා call කරන්න පුලුවන්.

System.out.print -
                 මේක අපි පාවිච්චියට ගන්නේ පිලිතුර output එකක් ලෙස ගැනිමටයි. Print විධානය කොටස් 2 කින් සමන්විත වෙන්නවා.
                     1. print - output එක එකම පේළියේ print වේ.
                     2. println - output එක පේළි කිහිපයක print වේ.

main - මෙය Software  එක Run කිරිම සදහා වැදගත් වේ.(විශේෂයේ main Method       එකේදි)

Void    -  object / class  එකට Input or Output නැති බව.

String  - Java වල වගේම අනිත් හැම language එකකම data types තියෙනවා.string කියන්නෙ එවැනි එක data type එකක්...

***ඔන්න දැන් එන්නවා වැදගත් point එකකට. එක තමා මොක්කද මේ public කියන්නේ කියලා. .මේකට කියන්නේ object/class එකේ status එක කියලා. සමාන්‍යයෙන් මේක කොටස් 3යි.

  1. Public 
  2. Private
  3. Protected


පහල  රූපේ පොඩ්ඩක් අධ්‍යනය කරන්නකෝ...



A. එක නිවසක්
B. නිවාස සංකිර්ණයක්
C. මහා පාර

හරි!දැන් හිතන්න රු.1000 මේ places  3න් එකක වැටිලා තිබුනා කියලා.

C. වල වැ‍ටුනොත් පාරේ යන ඕන කෙනෙක්ට මේක ගන්න පුලුවන්,A ගෙදර ඉන්න එක්කෙනෙක්ට හරි හෝ housing Scheme එකේ ඉන්න කෙනෙක්ට හරි මේක ගන්න පුලුවන්..
මෙවාගේ එකකට අපි කියන්නවා Public කියලා.

A වල රු.1000 වැටිලා තිබුනොත් එක ගන්න පුලුවන් ඒ ගෙදර ඉන්න එක්කෙනෙක්ට විතරයි නේ. එක හරියට Private වගේ.

B වල රු.1000 වැටිලා තිබුනොත් එක ගන්න පුලුවන් එක්කෝ ඒ housing scheme ඉන්න අයට හෝ A ගෙදර ඉන්න අයට විතරයි නේ.එක හරියට Protected වගෙ. හැබැයි පාරේ යන අයට housing scheme එකට එන්න බැරි උනාට අවසර ගත්තොත් housing scheme එන්න පුලුවන් නේ.අපි ඒ විශේෂ අවසරයට Java වලදි කියන්නවා Inheritance කරන්නවා කියලා. 

ජාවා වලදි මේ A,B,C තුනම එක්කෝ Class/object  වෙන්න පුලුවන්.. 

හොදයි! අද අපි අනාගතයට වැදගත් වන විදියේ ගොඩක් කරුණු ඉගෙන ගත්තා .ඔයාට මේ සම්බන්ධව ගැටලු තියෙනවා නම් අපිට Comment කරන්න.
එහෙනම් මම ගියා..
හැමොටම ජයවේවා...

No comments:

Post a Comment